වෙසක් සතිය නිමිත්තෙන් ඇමෙරිකාවේ වැඩ වසන බෞද්ධ භික්ෂුන් උදෙසා දානමය පින්කමක් 2024 මැයි මස 14 වැනි දින නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ දී පැවැත්වින .
මෙම දානමය පිංකම උදෙසා නිව්යෝර්ක් බෞද්ධ විහාරය, ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරය භාවනා මධ්‍යස්ථානය හා අසපුව, නිව්ජර්සි බෞද්ධ විහාරය, ලෝංග් අයිලන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානය , නිව් ඉංග්ලන්ඩ් බෞද්ධ විහාරය, බොස්ටන්, මහමෙව්නා බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු නිව්යෝර්ක්, නිව්ජර්සි සහ කනිටිකට් පිහිටි විහාරස්ථාන රැසකින් භික්ෂුන් වහන්සේලා 20 නමක් සහභාගී වූහ.
දානමය පිංකම අවසානයේ දී උන්වහන්සේලා තානාපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලයට සහ සමස්ථ ශ්‍රී ලංකාවාසීන්ට සෙත්පතා පින් අනුමෝදන් කළහ.
මේ අතර 2024 මැයි මස 20 වැනි දින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය තායිලන්ත නිත්‍ය නියෝජිත කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් යුක්තව 2024 ජාත්‍යන්තර වෙසක් දින සැමරුම එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පරිශ්‍රයේදි පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත .
“වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක්” වශයෙන් ප්‍රකාශයට පත්කළ එක්සත් ජාතීන්ගේ ඓතිහාසික යෝජනා අංක 54/45 දරන යෝජනාව සම්මත වී වසර විසිපහක් සනිටුහන් වීම හේතුවෙන් 2024 වර්ෂයේ වෙසක් දින සැමරුම සුවිශේෂ වේ .
මෙම වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පැවැත්වෙන සැමරුමේ එකී අවස්ථාව සදහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්, මහ සභාවේ සභාපති සහ දෙරටේ විදේශ අමාත්‍යවරුන් ඇතුළුව අනෙකුත් රටවල නියෝජිතයන් විසින් නිකුත් කෙරෙන සුභ පැතුම් පණිවුඩ සහ විශේෂ ප්‍රකාශ මගින් සමන්විත වීමට නියමිතය. මීට අමතරව, මහායාන සහ ථෙරවාද බෞද්ධ නිකායන් සිහිපත් කරමින් මේ සදහා වැඩම කිරීමට නියමිත බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් සිදුකෙරෙන ආශීර්වාද සහ අනුශාසනා මගින් මෙම උත්සවය අලංකෘත වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වෙන වෙසක් දින සැමරුම් ඔස්සේ මහජනතාවට දැක බල ගැනීම සදහා විකාශනය කෙරේ