උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ තත්වයක් රටේ නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බුද්ධ ශාසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව එම කරුණු පැහැදිලි වන්නේ යැයි ද මන්ත්‍රීවරයා කීය.
රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා බෞද්ධ භික්ෂුන් වහන්සේලා එහි තීරණාත්මක ගොදුරක් බව පත්වීම මෙලෙස උපවැදි වීමට ප්‍රධාන හේතු සාධකයක් බවට පත්ව ඇතැයි ද චම්පික රණවක මහතා කීය.
‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ පොදු අවම වැඩපිළිවල මානෙල්වත්ත නගානන්ද විහාරස්ථානයේදී මහා සංඝරත්නය වෙත පිළිගන්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.