මේ වනවිට අවප්රමාණය වී ඇති ඇමෙරිකානු ඩොලර් වාණිජ බැංකු විසින් මිලදී ගැනීමේදී නියම කරන මිල සහ විකිණීමේදී අයකරන මිල අතර පරතරය විශාල වීම නිසා වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගන්නන් විශාල අපහසුතාවකට පත්ව ඇත.
මේ වනවිට ඇතැම් වාණිජ බැංකු විසින් ප්රකාශයට පත්කර තිබෙන ඩොලර් මිල ලේඛන අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 292/- ක් වනවිට ඩොලරයක විකිණුම් මිල රුපියල් 303/- තරම් ඉහළ මිලකි.
මෙලෙස ඩොලර් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ගෙන් වාණිජ බැංකු 2% ක කොමිස් මුදලක්ද අය කරනු ලබයි.
ඒ අනුව ඩොලර් මිලදී ගැනීමෙන් සහ විකිණීමෙන් වාණිජ බැංකු අසාධාරණ ලෙස අධික ලාභ ලබන බවට බැංකුවලට මුදල් එවන විදේශීය ශ්රමිකයන් සහ සෙසු මුදල් මිලදී ගන්නා පාරිභෝගිකයෝ චෝදනා කරති.
යුරෝ එකක් රුපියල් 315 බැගින් මිලදී ගන්නා වාණිජ බැංකු එය විකුණනු ලබන්නේ රුපියල් 328 බැගිනි.
මේ සම්බන්ධයෙන් ශ්රීලංකා මහා බැංකුව කිසිදු පියවරක් නොගැනීම බරපතල කාරණයකි.
ශ්රීලංකා මහා බැංකුව වාණිජ බැංකුවලට සිත්සේ මහා ජනතාව ගසා කන්නට ඉඩදී තිබේ.