ඩොලර් මිලියන අටක මුදලක් රටෙන් පිට කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවක සේවිකාවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ පිටකළ මුදල් ගුවන් යානා මගින් රගන ගිය බව මේ වන විට හෙළිදරව් වී තිබේ.
මෙසේ මුදල් රැගෙන ගොස් ඇත්තේ ඩොමිනිකන් රිපබ්ලික් වෙතය. මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් ලැබුණු මත් ජාවාරම්කරුවන්ගේ මුදල් රටෙන් පිට කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි ගුවන් සේවක සේවිකාවන් සිවුදෙනෙකුටය.
මෙයින් දෙදෙනෙකු ඩෙල්ටා ගුවන් සේවයේ ගුවන් සේවිකාවන්ය. නඩු විභාගයේදී වරදකරු වුවහොත් මොවුන්ට දසවසරක සිරදඬුවම් හිමිවනු ඇත.