27 C
Colombo
20/11/2024

රටේ කොතරම් ප්‍රශ්න තිබුනත් නිලධාරීන්ට සැප

Share with your friends :

විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව ඒ අවුරුදු හැට දක්වා අඩු කිරීමත් සමඟ එම කාලය තුළ වයස අවුරුදු හැටි සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරු බදු සහනය ලබාදීමට නියමිතය.

පසුගිය 11 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදීකම් ප්‍රදීප් අසරත්න මහතා නිකුත් කළ චක්‍රලේඛයක සඳහන්වේ.
බොහෝ රජයේ නිලධාරීහු තම වාහන බලපත්‍ර වෙනත් පුද්ගලයනට විකිණීම සිදුකර තිබේ.

Share with your friends :