ලොව ඉහලම කඳු මුදුන වන වන එවරස්ට් කඳු මුදුනේ උස මීටරයකින් පමණ ඉහල ගොස් තිබේ. මේ අනුව මෙතෙක් අඩි 29029 ක් වූ එවරස්ට් කඳු මුදුනේ නව උස අඩි 29032 කි.එනම් මීටර් 8846.86 කි.
එවරස්ට් කඳු වැටිය නේපාලය හා චීනය අතර දේශ සීමාවේ පිහිටා තිබේ. මේ දෙරටම මෙය නිල වශයෙන් පිලි ගෙන තිබේ.
එවරස්ට් කඳු වැටිය වසර මිලියන 50 ත් 60 ත් අතර පැරණි බව විශ්වාස කෙරේ. එය ඉන්දියානු හා යුරේෂියානු භූතල ගැටීමෙන් ඇතිවුවක් බවට විශ්වාස කෙරේ.
මෙසේ එවරස්ට් කඳු මුදුන ඉහල යාමට හේතුව 2015 වසරේ නේපාලයේ සිදුවූ ඒකක 7.8 භුමි කම්පාව බවට විශ්වාස කෙරේ. එම භුමිකම්පාවෙන් 9000 කට වැඩි පිරිසක් මිය ගියහ. එවරස්ට් කඳු මුදුන තරණයේ යෙදුනු කඳු නගින්නන් 18 දෙනෙක්ද මෙහිදී මිය ගියහ.
මේ අතර සාමාන්‍යයෙන් ශතවර්ෂයකට මීටර් භාගයක් පමණ උස වැඩිවන එවරස්ට් කඳු මුදුනේ උස මෙසේ එක්වරම වැඩිවීම ඉදිරියේදී සිදුවන භයානක භුමිකම්පාවක පෙරනිමිත්තක් දැයි යන සැකයක්ද මතුවී තිබේ.