27 C
Colombo
24/11/2024

රජීව් ගාන්ධි ඝාතනයේ සැකකරුවෙක් ගාන්ධි රෝහලේදීම මියයයි

Share with your friends :

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඒරට මාධ්‍ය වාර්තා කර සිටියි.

ශාන්තන් 27 දින ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

රජීව් ගාන්ධි ඝාතන නඩුව සම්බන්ධයෙන් වසර ගණනාවක් සිරගතව සිටි ශාන්තන් වසර 32කට පසු සිය මව බැලීමට යාපනය පැමිණීමට නියමිතව තිබුණා.

ඒ් අතරතුර ශාන්තන්ට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලට මාරු කොට එහි දැඩිසත්කාර ඒකකයේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශාන්තන්ගේ මව ඔහුව බැලීමට අවශ්‍ය බව සඳහන් කරමින් ඉන්දීය රජයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර එම අභියාචනය සැලකිල්ලට ගැනීමෙන් පසු ඉන්දීය රජය විසින් ශාන්තන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවසර ලබාදුන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.

ඒ අනුව ඉන්දීය රජයේ අනුමැතිය මත චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශාන්තන්ට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබු අතර ඒ අතර කාලවකවානුව තුළදීයි ශාන්තන් මෙලෙස ජීවිතක්ෂයට ඇත.

Share with your friends :