මියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ කාලයක් තිස්සේ නිවසේ තබා ගෙන ජීවත් වූ කාන්තාවක් පිළිබඳ පුවතක් පානදුර ප්රදේශයෙන් වාර්තා වෙනවා.
ඇය එලෙස මළ සිරුර ද සුරතලයට ඇතිකරන සුනඛයා ද සමග සිටියදී නිවසේ දොරවල් කඩා ඇයව ඉවතට ගත් බව යි පානදුර දකුණ පොලිසිය පවසන්නේ.
පානදුර, ඇටඹගොඩවත්ත ජනජය නිවාස සංකීර්ණයට අයත් නිවසක මෙය සිදුව තිබෙනවා.
අදාළ නිවසෙහි ජීවත් වී ඇත්තේ අඹු සැමි යුවළ පමණයි.
අසල්වැසියන් හට එම නිවස දෙසින් අධික දුර්ගන්ධයක් හමන බවට දැනී ඇති අතර ඒ අනුව ඔවුන් කටයුතු කර ඇත්තේ පොලීසිය දැනුවත් කිරීමට යි.
එම තොරතුරු මත පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් තිබෙනවා.
පොලිස් කණ්ඩායම එහි යනවිට මියගොස් ඇති පුද්ගලයාගේ බිරිද නිවසේ දොරගුලු දමාගෙන සිට ඇති බව යි පොලීසිය සඳහන් කළේ.
පසුව දොරගුලු කඩා නිවසට ඇතුළුවී පරීක්ෂා කිරීමේදී සැමියාගෙ මළ සිරුර හමුව තිබෙනවා.
පොලීසිය පැවසූවේ සිරුර ඇදක් මත මුනින් අතට තිබූ බව යි.
මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයක්.
මේ අතර මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ යම් මානසික රෝගී තත්ත්වයකින් පෙලෙන බවට සැක පහළ වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
සබැඳි පුවත් > > >
නිදාසිටි මවට වින කළ අපරාධකරුගේ සිරුර ගසක එල්ලෙයි
තමන්ම රෑ නිදිකරවූ බිරිඳ පසුදා ඇඳේ සිටි අයුරු දුටු සැමියාට තරු පෙනෙයි
යෝනියේ තිබූ ශුක්රාණු සමග බුලත් කෙළ සසඳයි - කොටකෙතන මාරයා ඇල්ලූ මෙහෙයුම
කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි