ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වෙත පැමිණෙමින් තිබෙන දැවැන්ත ගොවි උද්ඝෝෂණයට ඩ්‍රෝන යානා වලින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්දීය මහ මැතිවරණය ආසන්නයේ පැවැත්වෙන මෙම උද්ඝෝෂණය ජනමතයට දැවැන්ත බලපෑමක් ඇති කරනු ඇත.
රජය සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු දහස් සංඛ්‍යාත ගොවීන් ඉන්දීය අගනුවරට විරෝධතා පාගමනක් ආරම්භ කල අතර මේ නිසා නවදිල්ලියට ඇතුළුවීමේ ස්ථානයන් සියල්ල පොලිසිය විසින් අවහිර කරන ලදී.
රජය විසින් පාලනය කරනු ලබන තොග වෙලඳපොලවල තුළ තම භෝග සඳහා සහතික මිලක් ඉල්ලා ගොවි කණ්ඩායම් 200 කට අධික සංඛ්‍යාවක් මෙම පාගමනට සහභාගී වෙති.
ගොවීන්ගේ ආදායම දෙගුණ කරන්නැයි ද ඔවුහු රජයට බල කරති.
රටේ කෘෂිකර්මාන්තය සංකේන්ද්‍රණය වූ සහ අස්වැන්න ඉහළ මට්ටමක පවතින පන්ජාබ්, හර්යානා සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවලින් විරෝධතාකරුවන් මෙම පෙළපාලි ආරම්භ කළහ.
ඔවුන් ආරක්ෂක අංශ සමඟ ගැටෙන බව ප්‍රාදේශීය මාධ්‍ය දර්ශනවල දැක්වේ. දිල්ලියට මායිම් වන පන්ජාබ් සහ හර්යානා අතර හරස් මාර්ගයක ඩ්‍රෝන යානා වලින් පෙලපාලිකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය.
ඔවුන් අඟහරුවාදා අගනුවරට ළඟා වන විට පොලිසිය විසින් , මාර්ග බාධක , සිමෙන්ති කුට්ටි සහ කටු කම්බිවලින් මාර්ග අවහිර කළේය.
ගොවීන්ට දිල්ලියට ඇතුළු වීම නැවැතිවීමටත් , සාමාන්‍ය ජනතාවට පමණක් දේශසීමා හරහා ගමන් කිරීමට අවසර ලබා දී ඇති බවත් ගාසියාබාද්හි අතිරේක පොලිස් කොමසාරිස් කල්පනා සක්සේනා පැවසීය.
ගෞතම් බුද්ධ නගර් හි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් අනිල් යාදව් පැවසුවේ, දිල්ලියට ඇතුළුවීමේ ස්ථාන පහක් හමුදාව විසින් අවහිර කර ඇති බවයි.
ගොවි සංගම් නියෝජිතයින් රජය සමඟ සාකච්ඡා වට දෙකක් පැවැත් විය.
කෘෂිකර්ම අමාත්‍ය අර්ජුන් මුන්ඩා සහ ආහාර සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය පියුෂ් ගෝයල් සමඟ ගොවීන් පැවැත් වූ අවසන් සාකච්ඡාව ද අසාර්තක විය.
රැස්වීමේදී තම උපරිමය උත්සාහ කළ බවත්, එහි අරමුණ වූයේ රජය සමඟ ගැටුම් ඇති කර නොවන බවත් විරෝධතාවයට නායකත්වය ස්වරන් සිං පන්දර් පැවසීය.
2020-21 දී කෘෂිකර්ම ක්ෂේත්රය නියාමනය කිරීමේ නීතිවලට එරෙහිව දස දහස් ගණනක් ගොවීන් වසරකට වැඩි කාලයක් දිල්ලියට යන ප්‍රධාන මහාමාර්ගවල කඳවුරු බැඳගෙන සිටී.
අවසානයේ දි ආන්ඩුව ආන්දෝලනාත්මක නීති ඉවත් කර ඇතත්, ගොවීන්ගේ ආදායම වැඩි කිරීමේ පොරොන්දුව තවමත් ඉටු කර නැත.
“රජය අපට නිශ්චිත යමක් ලබා දෙන්නේ නම් අපි රජය සමඟ කතා කර අපගේ උද්ඝෝෂණය අවසන් කිරීමට කැමැත්තෙමු.” යැයි විරෝධතාකරුවන් පවසයි.
ගොවීන් යනු ඉන්දියාව තුළ වඩාත්ම බලගතු ඡන්ද කන්ඩායමක් වන අතර ,අප්‍රේල් සහ මැයි අතර අපේක්ෂිත මහ මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ නැවත තේරී පත්වීමේ හැකියාව සදහා මෙය තීරණාත්මක විය හැකිය.