27 C
Colombo
24/11/2024

වාණිජ බැංකු ගසා කයි-මහා බැංකුව නිදි-පොලියේ ලාභය සියයට දෙසීයයි

Share with your friends :

ශ්‍රීලංකාවේ වාණිජ බැංකු විසින් ව්‍යාපාරිකයන්ට හා සමාගම් වෙත ලබාදෙන වාණිජ ණය පොලී අනුපාත සියයට 18 ක පවත්වා ගෙන යාම තුලින් එම බැංකු හා මූල්‍ය ආයතන විශාල ලාභයක් උපයන අතර මේ හේතුවෙන් මෙරට සාමාන්‍ය ව්‍යාපාර කඩා වැටෙමින් පවතී.
මේ අතර බැංකු විසින් ස්ථිර තැන්පතු වලට ලබාදෙන පොලිය සියයට නවයක් දක්වා අඩුකර ඇති අතර සාමාන්‍ය තැන්පතුවලට ලබා දෙන පොලී අනුපාත සියයට 2.5 ක් දක්වා අඩු කර තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා මහා බැංකුව කිසිදු පියවරක් නොගන්නා අතර වාණිජ බැංකුවලට සිත්සේ ලාභ ලබන්නට ඉඩ දී තිබේ. ශ්‍රීලංකා මහා බැංකුව මහජනතාව ආරක්ෂා කරනවා වෙනුවට වාණිජ බැංකු ආරක්ෂා කිරීම බරපතල ගැටළුවක් වී තිබේ.

Share with your friends :