බිත්තරයක සිල්ලර මිල මෙම සතියේ ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා.
එහි සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පවසන්නේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 62 ත් 65 ත් අතර මුදලක් දක්වා ඉහළ දමන බව යි.
තොග වෙළෙඳුන්ට ගොවිපොල වලින් බිත්තරයක් රුපියල් 53 ක් හෝ 54 ක මිලකට ලැබෙන බව යි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනුව තොග වෙළෙදුන් බිත්තරයක් රුපියල් 58 ක් හෝ 59 කට සිල්ලර වෙළෙදුන්ට සපයන බව ද ඔහු සඳහන් කළා.
රුපියල් 53 ට හෝ 54 ලැබෙන බිත්තරයකට ප්රවාහන වියදම් රුපියලක් සහ තවත් රුපියල් 3 ක් එකතු කර සිල්ල්ර වෙළෙදුන්ට සපයන බව ඇන්ටන් අප්පුහාමි මහතා වැඩිදුරටත් පවසා සිටියා.