27 C
Colombo
24/11/2024

ශ්‍රී ලංකන් යානයක් ඔස්ට්‍රේලියාවට හදිසි ගොඩ බැසීමක්-කලින් සිද්ධියකුත් එලියට

Share with your friends :

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානාවක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන් තොටුපලට හදිසි ගොඩ බැසීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරන්නේ එහි සියලු මගින් සුරක්ෂිතව සිටින බවත් නැවත යානය පිටත් වන තුරු මඟීන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති බවත්ය.

මේ අතර පසුගිය දිනවලද ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් සිංගප්පුරුවේ CHANGI ගුවන්තොටුපලේ සිට ශ්‍රීලංකාවට කාර්මික දෝෂයක් සහිතව ගොඩබිම් මාර්ග ඔස්සේ ධාවනය කරවන්නට එහි නියමුවන් කටයුතු කර තිබේ.
UL 309 දරන එම යානයේ හයිඩ්රෝලික් ඔයිල් තිබු අතර ඒ හේතුවෙන් සිංගප්පුරුවේ CHANGI ගුවන්තොටුපලේදී පැය 4 ක් ප්‍රමාදවූ අතර ඉන්පසුව ගොඩබිම් මාර්ග ඔස්සේ පැමිණීමට තවත් පැය පහක පමණ කාලයක් ගත විය.
මේ කාර්මික දෝෂය මගීන්ට ද දැනුම්දී තිබු අතර එම නිසා මගීහු දැඩි ආතතියකින් එහි ගමන් කර තිබේ. ඒ හේතුවෙන් ගුවන් යානයේදී ඇතැම් මගීහු ආහාර පවා නොගත් අතර ශ්‍රීලංකාවට පැමිණීමෙන් පසුව පවා දින ගනනාවක් යනතුරු දැඩි අතතතියකින් පසුවූ බව සඳහන්ය.

Share with your friends :