මෙම වසර තුළ ප්‍රථමයෙන්ම පවත්වන්නේ ජනධිපතිවරණයක්ද, මහ මැතිවරණයක්ද යන්න තීරණය කිරීම අප්‍රේල් මාසයේ දී සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයකට යන ලෙසට ආණ්ඩුවේම ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට තීන්දු කර ඇති බව යි.
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතු නමුදු ජනමත විමසීම් වාර්තා අනුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද අප්‍රේල් මාසයේදී ජනමත සමීක්ෂණයක් සිදු කිරීමට සූදානම් වන බව ද පැවසෙනවා.
පොහොට්ටුව තමන්ගේ සහාය සම්බන්ධයෙන් වූ ස්ථාවරය දැනුම් දීමටද නියමිතව ඇත්තේ අප්‍රේල් මාසයේ අගදී යි .
ඒ අනුව යම් ආකාරයකින් ජනාධිපතිවරයා හට තම සහාය ලබාදීම පොහොට්ටුව ප්‍රතික්ෂේප කළ හොත් ජනාධිපතිවරයාට සහාය දෙන පොහොට්ටුවේ පිරිස එක්කර ගනිමින් වහාම මහ මැතිවරණයකට යන ලෙස ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කිරීමට සැරසෙන බව යි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඉන් අනතුරුව ජනාධිපතිවරණයක් සඳහා යන ලෙසට ද එම පිරිස විසින් යෝජනා කිරීමට නියමිත බව පැවසෙනවා.
කෙසේ වෙතත් තවදුරටත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් සඳහා යාම බව ද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
සබැඳි පුවත් > > >