මින් පසු ලීසිං සමාගම් හට මැර බලය යොදාගෙන වාහන රැගෙන යාමේ අවස්ථාව නොලැබෙන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය ප්රකාශ කරනවා.
ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා මේ බව සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් පැවසූවේ නව චක්රලේකයක් හේතුවෙන් ලීසින් පදනම මත වාහන ලබා ගත් ජනතාවගේ අයිතීන් මින් ඉදිරියට සුරැකෙනු ඇති බව යි.
පොතුපිටිය මහතා එහි දී මෙලෙස අදහස් පළ කළා.
“පහුගිය දවස්වල පොලිස් ස්ථාන 102කට ආසන්න ප්රමාණයක් සීසර්ලට සහ ලීසින් ආයතනවලට පක්ෂපාතීව කටයුතු කළා. අපි වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලුවා, ඉතා කඩිනමින් මේ චක්රලේකය සංශෝධනය කළ යුතුයි කියලා. සංශෝධනය නොකළොතින් මේ රටේ ජනතාවගේ දේපළ කොල්ලකන්න මේ මැර කණ්ඩායම් ඉදිරියටත් කටයුතු කරනවා කියලා.
2024 පෙබරවාරි මස 08 වැනි දින වැඩ බලන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව මෙන්න මේ චක්රලේකය ඊයේ දිනයේදී ලැබුණා. ගැනුම්කරු ප්රතිරෝධයක් දැක්වුවෝතින් බලහත්කාරයෙන් කිසිදු වාහනයක් ගන්න බෑ. අද තමන්ගේ දරුවා ඇදලා දාලා වාහන අරන් ගියා. අවස්ථා කිහිපයකදී තරුණයෝ දෙතුන්දෙනෙක් මරලා දැම්මා”
සබැඳි පුවත් > > >