පුද්ගලයෙකු රෝහලක් වෙත නිරුවතින් පැමිණි පුවතක් මීරිගම ප්රදේශයෙන් වාර්තා වෙනවා.
මෙම පුද්ගලයා පැමිණ ඇත්තේ මීරිගම මූලික රෝහලේ ළමා වාට්ටුවට යි.
මෙය සිදුව ඇත්තේ අලුයම් කාලයේ දී යි.
මුළුමනින්ම නිරුවතින් පැමිණි මෙම පුද්ගලයා ළමා වාට්ටුවට ඇතුළු වී එහි ඇඳක් මත වාඩි වී ඇති බව යි වාර්තා වන්නේ.
ඔහු එලෙස වාඩි වී ඇත්තේ ළමා වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරියක් නිදා සිටි ඇඳක් මත යි.
පසුව දැරිය අවදි වී මෙම පුද්ගලයාව දැක බියට පත්වී කෑගසා තිබෙනවා.
එම කෑගැසීමත් සමග ඔහු එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වනවා.
මෙම අවස්ථාවේ දී වාට්ටුව තුළ සිටි පිරිස දැඩි සේ කළබලයට පත්ව ඇති බව සඳහන්.
රෝහල කළ දැනුම් දීමකින් පසුව පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාළ දැරියගෙන් ද ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙම පුද්ගලයාගේ අනන්යාතාවය මෙතෙක් හෙළි වී නැහැ.
එමෙන්ම ඔහු මෙලෙස හැසිරී ඇත්තේ කුමන හේතුවක් මතදැ යි නිශ්චිතව අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
මීරිගම පොලීසිය ප්රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව යි.