27 C
Colombo
24/11/2024

දේශබන්දු OICලාගෙන් සහතික ඉල්ලයි – දුන්නෙ නැත්නම් වෙන දේත් කියයි

Share with your friends :

මෙරට පාසල් දරුවන් ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් විශාල අර්බුදයක් බවට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මදනමෝදක, තූල්, බාබුල්, ටොෆී වර්ග, දුම්කුඩු, පැණිපුවක් ආදී විවිධාකාර ස්වරූපයන්ගෙන් මේ මත් උවදුර පාසල් දරුවන් වෙත සමීප වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවන් පසුබිමක තම පොලිස් වසමෙහි පාසල් අවට මත්ද්‍රව්‍ය නොමැති බවට සියළු පොලිස් ස්ථානාධිපතිවරුන් තමන් හට සහතිකයක් ලබා දිය යුතු බව වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

යම් ස්ථානාධිපතිවරයෙකු එම සහතිකය ලබා නොදුන්නොත් එම ප්‍රදේශයට විශේෂ කාර්යය බලකාය යොදවන බවත්, ඒ හරහා වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසුවා.

එලෙස සිදු කරන වැටලීම් හරහා පාසල් දරුවන් හට අහිතකර දෑ සොයා ගැනීමට හැකිවුවහොත් අදාළ පොලිස් වසමෙහි නිලධාරීන්ගෙන් කරුණු විමසීම සිදුවනු ඇති බව යි තෙන්නකෝන් මහතා අවධාරණය කළේ.

ඔහු මෙම අදහස් පළ කළේ පානදුර ප්‍රදේශයේ පැවැත්වුණු වැඩසටහනකට එක් වෙමින්.


සබැඳි පුවත් > > >


Share with your friends :