27 C
Colombo
24/11/2024

ඉන්දීය දේශපාලන ප්‍රබලයෙකුගෙන් අනුර කුමාරට පොරොන්දුවක්

Share with your friends :

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසගේ ඉන්දියානු සංචාරය අතරතුර ඔවුන් ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍ර පටෙල් මහතා හමු වී තිබෙනවා.

මෙම හමුව පැවැත්වී ඇත්තේ ගාන්ධිනගර්හි ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ දී යි.

ප්‍රාන්තය තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරී ඇති බව සඳහන්.

මේ අතර පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව තාක්ෂණික සහාය ලබා දී ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් වැඩපිළිවෙළක් අරඹන බවට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැති බූපෙන්ද්‍ර පටෙල් මහතා තමන් හට පොරොන්දු වූ බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියා.

ගුජරාට් යනු ඉන්දියාවේ වේගවත්ම සංවර්ධනයක් සිදුවෙමින් පවතින ප්‍රාන්තයක් වන අතර එහි පුනර්ජනනීය බලශක්තිය සහ තොරතුරු තාක්ෂණය ඉතා ඉහළම තලයේ ක්‍රියාත්මක වෙමින් පවතින බව යි ඔහු කියා සිටින්නේ.

ඒ අනුව ඒ සම්බන්ධ අවශ්‍ය තාක්ෂණික සහාය ශ්‍රී ලංකාව හා බෙදා ගෙන දෙරට අතර තොරතුරු තාක්ෂණික කටයුතු ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ප්‍රධාන අමාත්‍යවරයා තමන් හට පැවසූ බව දිසානායක මහතා පැවසුවා.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස සිය ඉන්දීය සංචාරය නිමවා අද (10) දිනයේ යළි දිවයිනට පැමිණියා.


සබැඳි පුවත් > > >


Share with your friends :