27 C
Colombo
24/11/2024

ප්‍රවාහන ඇමති ඉන්න ආසනයේ ලංගම ඩිපෝවේ විරෝධයක්!

Share with your friends :

ලංගම බස් සේවනයින් සිව් දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හයිලෙවල් මාර්ගයේ ධාවනය කරමින් තිබූ හෝමාගම ඩිපෝවට අයත් බස් රථ දෙකක රියදුරන් දෙදෙනෙකුට සහ කොන්දොස්තරවරයන් දෙදෙනෙකුට මෙම ප්‍රහාරය එල්ලකර තිබුණි.

සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (08) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ පදියතලාව කෙහෙල්උල්ල කඩුපාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ප්‍රදීප් අමරතුංග නමැති පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් සහ පෞද්ගලික වේලා දැනුම්දෙන්නෙකු වන තුන්නාන හංවැල්ල ප්‍රදේශයේ පදිංචි හර්ෂ සඳුන් නමැත්තෙකි.

සැකකාර පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයා අවිස්සාවේල්ල ප්‍රදේශයේදී තවත් බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 13 වනදා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද එහිදී නියෝග කළාය.

මේ අතර තම සහෝදර බස් රථ සේවකයින්ට දිගින් දිගටම සිදුවන පහරදීම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් හෝමාගම බස් ඩිපෝවේ සේවකයින් පිරිසක් ඊයේ හෝමාගම ලංගම බස් ඩිපෝව ඉදිරිපිටදී විරෝධතාවය නිරත වුණි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරයාද වන අතර හෝමාගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාද වේ.

Share with your friends :