අරණායක දිසා රෝහලේ සේවය කරන අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවරයක් සිදු කළැයි කියන එම රෝහලේ වෛද්‍යවරයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාවනැල්ල මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි මහතා වෙත අද නියෝග කළේය.
අරණායක දිසා රෝහලේ රාජකාරිවල නිරත ව සිටි වෛද්‍යවරියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ එම රෝහලේම රාජකාරි සිදු කළ වෛද්‍යවරයා ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
අරණායක දිසා රෝහලේ සේවය නිරත ව සිටි 28 හැවිරිදි වෛද්‍යවරියකට මෙම ලිංගික අතවරය සිදු ව ඇත.
සැකකාර වෛද්‍යවරයා බලහත්කාරයෙන් වෛද්‍යවරියගේ රහස් ප්‍රදේශය අත ගෑ බවට වෛද්‍යවරියගේ පියා විසින් කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අද (08) අරණායක පොලීසිය විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, අරණායක දිසා රෝහලේ සේවයේ නිරත ව සිටි 45 හැවිරිදි විවාහක වෛද්‍යවරයෙකි.
අතවරයට ලක් වූ බව කියන වෛද්‍යවරියගෙන් සහ එම අවස්ථාවේ රාජකාරියේ නිරත ව සිටි පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සිද්ධියට මුහුණු දුන් වෛද්‍යවරිය කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන් ය.