අනතුරට පත් අමෙරිකානු හමුදාවට අයත් CH-53E Super Stallion වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් මැරීන් භටයන් පස් දෙනාම මියගොස් ඇතැයි ඇමරිකානු හමුදාව ප්රකාශ කර තිබේ. ඇමරිකානු මැරීන් භටයින් රැගත් මෙම යානය අදාළ කඳවුරේ සිට සැතපුම් හතලිස් පහක් ඈතින් වූ ස්ථානයක කඩා වැටී තිබියදී සොයා ගෙන තිබිණි.
අමෙරිකාවේ ලාස් වේගාස් ආසන්නයේ පිහිටි කඳවුරක සිට කැලිෆෝනියාව බලා පියාසර කරමින් තිබියදී එම හෙලිකොප්ටර් යානය අතුරුදන්විය.
මේ වනවිට මුදාගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර් යානයේ සිටි මැරීන් භටයන්ගේ සිරුරු සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.