ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (08) කේරළ ප්‍රාන්ත රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට සැලසුම් කර ඇතිබව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි එරට අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් තොරතුරු තාක්ෂණ හා නවෝත්පාදන මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමට ද පිරිස එක් වීමට නියමිතයි.
පසුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස සූර්ය පැනල විදුලි බලාගාරයක් සහ කෘෂි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණය කිරීමට එක්වීමට ද සැලසුම් කර තිබේ.
මේ අතර ඊයේ (07) දිනයේ පිරිස ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍රභායි පටෙල් මහතා හමුවූ බව එම පෙරමුණ පවසයි.
ඒ ගාන්ධිනගර්හි විදාන සභාවේදීය.
ගුජරාට් ප්‍රාන්තය තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.
අනුර දිසානායක මහතා ඇතුළු පිරිස ගුජරාට් ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍යවරයා සමග ද විශේෂ සාකච්ඡාවක නිරත වී ඇතිබව ජනතා විමුක්ති පෙරමුණ වැඩිදුරටත් පවසයි.