27 C
Colombo
24/11/2024

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ බඳවා ගැනීමේ අක්‍රමිකතා

Share with your friends :

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සදහා සුදුස්සන් බදවා ගැනිම සදහා අයදුම්පත්‍ර කැදවිමේදී අක්‍රමිකථා සිදුවිම නිසා සුදුස්සන් රැසකට අසාධාරණයක් සිදුව ඇත.
අධ්‍යක්ෂ ජෙනරාල්, අධ්‍යක්ෂ (පරිපාලන),අධ්‍යක්ෂ (මුල්‍ය ) ,මාණ්ඩලීය ලේකම්/නීතී නිළධාරි ආදි තනතුරු සහ අභ්‍යන්තර තනතුරු රැසකට බදවා ගැනිමට කැදවු අයදුම් පත් සම්මුඛ පරික්ෂණය සදහා කැදවිම් නොකර තමන්ට හිතවත් අය පමණක් බදවා ගැනිමට සැලසුම් කර ඇත.
ඒ අනුව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර සදහා ලැබුන අයදුම්පත් වලින් තුනක් පමණක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉන් දෙදෙනෙක් පමණක් සම්මුඛ පරීක්ෂණයට කැදවා ඔවුන් දෙදෙනා ම නොසුදුසු අය ලෙස නම්කර පුරප්පාඩු පිරවීම නතර කරන ඇත.
අයදුම්පත් කැඳවීමේ දී පල කරන පුවත්පත් දැන්වීම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු අතර එහිදී අයදුම්පත් එවිය යුතු ලිපිනය “සභාපති, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය” ලෙස සදහන් වුවත් පලකරන ලද පුවත්පත් දැන්වීමේ සදහන්ව ඇත්තේ අයදුම්පත් එවිය යුත්තේ “අධ්‍යක්ෂ ජනරාල්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය” ලෙසය. ආයතනයේ සේවකයින් පවසන්නේ දැනට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිට මෙම ආයතනයේ වැඩබැලිමට පැමිණෙන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම මණ්ඩලයෙන් තමන්ට ලැබෙන තනතුර, දීමනා හා වරප්‍රසාද නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත්වුවහොත් අහිමි වන බැවින් මෙම තනතුරු පුරප්පාඩුව පිරවීම අවහිර කර ඇති බවයි.
ඊට අමතරව අධ්‍යක්ෂ (පරිපාලන) සදහා ලැබුණු අයදුම්පත් තුනෙන් එකෙනෙකුටවත් සුදුසුකම් නොමැති බව පවසා සම්මුඛ පරික්ෂණයට කැදවා නොමැත.
අධ්‍යක්ෂ (මුල්‍ය) තනතර සදහා ද අයදුම්පත්‍ර පහක් ලැබි ඇති අතර ඉන් එක් අයෙකුට පමණක් සම්මුඛ පරික්ෂණයට කැදවා තිබෙි.
මේ අකාරයට මාණ්ඩලික ලේකම් / නීතී නිළධාරි තනතුර සදහා අයදුම්පත්‍ර පහක් ලැබි ඇති අතර ඉන් දෙදෙකුට පමණක් සම්මුඛ පරික්ෂණයට කැදවා ඇතත් එක් පුද්ගලයෙකු පමණක් පැමිණ ඇත. එම තැනැත්තාවම එම තනතුරට තෝරා ගෙන ඇති අතර ඔහු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහල නිලධාරියෙකුගේ ඥතියෙක් බව වාර්තාවේ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අධ්‍යක්ෂවරුන් 11 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට ආයුර්වේද දෙපාර්තමේන්තුව,රේගු,අධ්‍යාපන, සෞඛ්‍ය,මුදල්, පොලිස්පති ආදී ප්‍රධනීන්ගේ නියෝජිතයින් හා ගරු මහජන ආරක්ෂක අමත්‍යවරයාගේ නියෝජිතයින් 03 දෙනෙකුගෙන් ද සමන්විත වන අතර එම අධ්‍යක්ෂවරුන් 03දෙනා හැර අනිත් සියලුම දෙනා මසකට වරක් පැවැත්වෙන මණ්ඩලීය රැස්වීමට සහභාගි වී ලබා දෙන දීමනාව ලබා ගැනීමට පමණක් කටයුතු කරන බවත් මෙවැනි වංචනික ක්‍රියා කෙරෙහි නිසි අවධානයෙන් කටයුතු කලා නම් වලක්වා ගැනීමේ හැකියාව තිබුන බවටත් සේවකයින් මැසිවිලි නගයි.

රජයේ විගණන නිලධාරීන් මෙම තනතුරු වලට බදවා ගැනීමේ ක්‍රියාවලියේ මුල සිට නිසියාකාරයෙන් කටයුතු කලා නම් මෙවන් නීතිවිරෝධී බදවා ගැනීම් වලක්වා ගත හැකිව තිබූ බව සේවකයෝ ප්‍රකාශ කරති

Share with your friends :