කොළඹ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියන්ට එහි කළමනාකාරිත්වයෙන් හා පාලක මණ්ඩලයෙන් විවිධ බලපෑම් එල්ලවී ඇතැයි එහි ගුරුවරියෝ පවසති.
මියුසියස් විද්‍යාලයේ කළමණාකාරීත්වයට පසුගිය දිනවල එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා අවශ්‍ය වන විවිධ ලිපි සඳහා ගුරුවරියන් ගෙන් අත්සන් ලබා ගෙන තිබේ.
කෙසේ වෙතත් අදාළ ලිපිවලට කිසිදු විරෝධයකින් තොරව ගුරුවරු අත්සන් තබා ඇති අතර තම රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් මෙම ලිපිවලට අත්සන් තබා ඇත.
මේ අතර කොළඹ මියුසියස් විද්‍යාලයේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් දෙමාපියන් ගණනාවක් අධ්‍යාපන අමාත්‍යංශය වෙත කල දැනුවත් කිරීම් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.
කොළඹ මියුසියස් විද්‍යාලයේ නිල ඇඳුම වෙනස් කිරීම , එහි සම්ප්රදායයන් හා බෞද්ධ පරිසරය වෙනස් කිරීමේ උත්සාහය,දෙමාපියන්ට දරා ගැනීමට අපහසු ආකාරයට විවිධ ගාස්තු වැඩි කිරීම ඇතුළු ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් මේ වන විට එම විද්‍යාලයේ වත්මන් භාරකාර මණ්ඩලය වෙත එහි ආදී ශිෂ්‍යාවන් හා දෙමාපියන් චෝදනා කර තිබේ.
සබැඳි පුවත් …..
මියුසියස් විද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් ….
මියුසියස් විදුහලේ 2024 ගාස්තු වැඩි කල ආකාරය ගැන දෙමාපියන්ගෙන් චෝදනා…..
කොළඹ මියුසියස් විද්‍යාලය රැක ගැනීමට එක්වන ලෙස දෙමාපියන්ගෙන් ආයාචනයක්…..