“උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු දස දහසක් ප්රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවති අවස්ථාවට හිටපු ඉඩම් අමාත්‍යවරයකු වන සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ද සහභාගිවීම දේශපාලන ක්ෂේත්රයේ දැඩි කතා බහට ලක්ව තිබේ.
එසේම ගයන්ත කරුණාතිලක මහතා විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 83 වැනි අදියර යටතේ ගාල්ල හපුගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ද එක් විය.
මේ තත්වය මත ආණ්ඩුවට එක්වන්නේදැයි බොහෝ දෙනා ගයන්ත ගෙන් විමසා ඇති අතර ගයන්ත පවසා ඇත්තේ ආණ්ඩුවට එක්වීමට සුදානමක් නැති බවය,
previous post
next post