මෙරට පාසල් 3,000ක් ඩිජිටල්කරණයට ලක් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අපොස උසස් පෙළ සහිත පාසල් 3,000ක් මෙලෙස ඩිජිටල්කරණයට ලක් කෙරෙන බව යි ඔහු පවසන්නේ.
ජුනි මාසය වන විට මෙම කටයුතු අවසන් කිරීමට ද නියමිතයි.
එමෙන්ම මෙම වැඩසටහනට අදාලව ගුරුවරුන් පුහුණු කිරීම ලබන මාර්තු මාසයේදී අරඹන බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
අදාළ පාසල් සියල්ලටම සුහුරු පුවරු හෙවත් Smart Interactive Board ලබා දීමට ද රජය සූදානමින් පසුවන බව පැවසෙනවා.
තවද මීට සමගාමීව සෑම අධ්‍යාපන කලාපයකම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන යාවත්කාලීන කිරීමට ද කටයුතු යොදනු ඇති.