27 C
Colombo
24/11/2024

පෙම්වතා සමග පැමිණි විදෙස් තරුණියකට අනුරපුරයේ දී කැත වැඩක්

Share with your friends :

විදෙස් ජාතික තරුණියකට මෙරට දී සිදු වූ කණගාටුදායක පුවතක් පිළිබඳ අනුරාධපුරයෙන් වාර්තා වෙනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ තම පෙම්වතා සමග මෙරටට පැමිණි නෙදර්ලන්ත ජාතික තරුණියක් හටයි.

ඇය 23 හැවිරිදි තැනැත්තියක්.

මෙම තරුණිය පැමිණ ඇත්තේ අධ්‍යාපන කටයුත්තක් සඳහා බව යි වාර්තා වන්නේ.

තමා සිය පෙම්වතා සමග අනුරාධපුරයට පැමිණ රත්නායක මාවතේ පිහිටි හෝටල් කාමරයක් තුළ නවාතැන් ගත් බව ඇය පවසනවා.

කාමරයේ ජනේලය විවෘත කර විදුලි පංකාව ද ක‍්‍රියාත්මක කර තමා නින්දට ගිය බව පවසන ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ නින්දට ගොස් සිටියදී අළුයම 4.30ට පමණ කාමරය තුළ ශබ්දයක් ඇසී තමා අවදි වූ බව යි.

එහි දී දෙනෙත් හැර බැලූ විට කාමරය තුළ තිබූ පෙම්වතාගේ බෑගය අසල පුද්ගලයෙකු දණ  ගසාගෙන සිටි බවත්, තමා අවදි වූ බව දුටු ඔහු ජනේලයෙන් පැන දිව ගිය බවත් ඇය පවසනවා.

අනතුරුව ජනේලය වසා දමා පරීක්ෂා කිරීමේ දී තමා සතුව තිබූ රුපියල් 90,000ක්, යුරෝ 300ක්, රුපියල් 9,483ක් වටිනා පිහියක්, විසිතුරු කරාබු ජෝඩු, ඉයර්ෆෝන් සහ USB කේබල් ඇතුළු දේපළ සොරා ගෙන ඇති බව දැනගත් බවයි ඇය පොලීසියට පවසා ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ අපරාධකරු සොයා ගැනීමට මේවන විටත් පොලීසියට හැකි වී නැහැ.

ඒ සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

Share with your friends :