බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය පවසයි.
මේ වනවිට රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් ඔහු සහභාගි වීමට නියමිතව තිබූ මහජන කටයුතු කල්දමා ඇති අතර රාජකීය නිල කටයුතු එලෙසම සාමාන්‍ය ලෙස කර ගෙන යන බව ප්‍රකාශ කර තිබේ.
ඔහුට කුමන අන්දමේ පිළිකාවක් ඇත්දැයි තවමත් හෙළිවී නොමැත. චාල්ස් රජු 75 වන වියෙහි පසුවෙයි.
ඔහුගේ දෙවන පුත් හැරී කුමරු දැනට ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන අතර ඔහු වහාම රජු බැලීම සඳහා යන බව සඳහන්ය.