ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (5) පස්වරුවේ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් මහතා හමුවිය.
මෙම හමුව සර්දාර් පටෙල් භවාන්හිදී පැවැත්විණි.
මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳව සහ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගය පැවසීය.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් ද සහභාගි විය.
මෙම පිරිස ඉන්දියාවට ගියේ ඉන්දියානු සංස්කෘතික සහයෝගිතා කවුන්සිලය-ICCR මගින් සංවිධානය කල වැඩසටහනකට අනුවය.
එම සංචාරයට දින හතරක් පමණ ගත වනු ඇත.