වෛද්‍ය සංගම් ගැඹුරු විග්රහයන් මවමින් ආණ්ඩුවට කඩේ යන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කියා සිටී.
“DAT නමින් දීමනා වැඩි කලාම සෞඛ්‍ය සේවයේ කාටවත් ඉල්ලන්න බෑ කියලා ආණ්ඩුව නොමග යවපු අය, මේ වන විට වෛද්‍ය සංගම්වල ඇතැම් නිළධාරීන්ව ආණ්ඩුව වෙණුවෙන් කඩේ යවමින් ඉන්නවා. විශේෂඥ වෛද්‍ය සංගමය සෘජුවම ඒ කොන්ත්‍රාතුව භාර ගනිමින් වෘත්තීය සමිති අරගලයකට එරෙහිව, කම්කරු සමිතියක් පවා සිදු නොකරන බාල වර්ගයේ පාවා දීමක් සිදු කරමින් ඉන්නවා. ඔවුන්ගේ ලිපිවල බර කථා තිබුණාට, ආණ්ඩුවට කඩේ යෑම හැර අවසන් ඒවායේ අවසන් හරයක් නැහැ. ලංකාවේ ප්රමුඛ පෙලේ වෘත්තීය සමිති මේ තත්වයට ආණ්ඩුවට බාල්දු වීම ගැන අපි කණගාටු වෙනවා.” යයිද රවී කුමුදේශ් මහතා කියා සිටී.