27 C
Colombo
24/11/2024

වාහන සඳහා තවත් නීතියක් – ලක්ෂ 10කට නඩු වැටෙන ලකුණු

Share with your friends :

මෙරට තුළ ලියාපදිංචි කර ඇති වාහන ප්‍රමාණයෙන් 12%ක ප්‍රතිශතයක් පමණ අලෙවියෙන් පසු නිසි පරිදි අයිතිකරුවන්ට පවරා නොමැති බව වාර්තා වෙනවා.

වාහන ලක්ෂ 82ක් පමණ මෙරට ලියාපදිංචි කර ඇති අතර ඉන් වාහන ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස නිසි ලෙස පවරා නොමැති බව සඳහන්.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මෙම වාහන දැනට විවෘත බලපත්‍ර (Open Papers) ක්‍රමය යටතේ ධාවනය වන බව යි.

මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ ඉදිරියේ දී මෙලෙස වාහන අලෙවි කිරීමෙන් පසු නිසි ලෙසට ඒවායේ අයිතිය නොපවරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය තීන්දු කර ඇති බව යි.

CCTV කැමරා මගින් කොළඹ නගරයේ වාහන ධාවනය කරන්නන් විසින් සිදුකරන වැරදි හඳුනා ගැනීම සඳහා දියත් කරන ලද නියමු ව්‍යාපෘතියට සමගාමීව මෙම කරුණු අනාවරණය වූ බව පැවසෙනවා.

පසුගිය 22දා සිට කැමරා නිරීක්ෂණය මගින් රථවාහන වැරදි හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා

පෙබරවාරි 01දා සිට එලෙස හඳුනා ගන්නා වැරදි සඳහා දඩ පත්‍රිකා නිකුත් කෙරෙන බව ද වාර්තා වෙනවා.

Share with your friends :