27 C
Colombo
24/11/2024

භයානක දිලීර ආසාදනයක් ලොව පුරා පැතිරේ-සුව කිරීම අපහසුයි

Share with your friends :

ඇමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන අති භයානක දිලීර ආසාදනයක් වන Candida auris ආසාදනය වූ රෝගීන් සිවු දෙනෙකු වොෂින්ටන් ප්‍රාන්තයෙන් හමුවී තිබේ.
Candida auris දිලීර ආසාදනයවූ රෝගීන් 2377 ක් පසුගිය වසරේ හමුවිය. එම රෝගීන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 36 ක මේ වන විට හමුවී තිබේ.

මෙම දිලීර ආසාදනය 2009 වසරේ ජපානයෙන් මුලින්ම සොයා ගෙන තිබිණි.

ඉතා වේගයෙන් ආසාදනය විය හැකි Candida auris ඖෂධ ලබාදීම හරහා සුවකිරීම ද අපහසු බව සඳහන් වෙයි. එය සති දෙකක් පමණ සාමාන්‍ය වාතයේ විනාශ නොවී තිබිය හැක.

Candida auris ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට ඉක්මණින් වැළඳිය හැකි අතර ඔක්සිජන් නළ භාවිත කරන සහ කැතීට භාවිතයට ගනු ලබන රෝගීන්ට ඉතා පහසුවෙන් එම දිලීරය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥන් පවසයි.

ශරීරයේ විවෘත තුවාල සහ කන් ආශ්‍රිතව ද මෙම Candida auris ආසාදන තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

Share with your friends :