27 C
Colombo
24/11/2024

පකිස්ථානය PIA විකුණයි

Share with your friends :

පාකිස්තානයේ ජාතික ගුවන්සේවය වන පාකිස්තාන ජාත්‍යන්තර ගුවන්සේවය විකුණා දැමීමට එරට රජය කටයුතු කරමින් සිටී.

මේ වනවිට පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර පසුගිය ජූනි මාසයේදී එරට බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ විය.

අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පාකිස්තානයට ඩොලර් බිලියන 3ක අරමුදල් අනුමත වූ අතර අදාළ ගිවිසුම අත්සන් කර සති කිහිපයක් තුළ ජාතික ගුවන්සේවය ඇතුළු පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කළේය.

පාකිස්තාන මැතිවරණය පෙබරවාරි 08 වනදා පැවැත්වෙයි.

Share with your friends :