27 C
Colombo
25/11/2024

පාන් බර ගැසට්ටුවේ අඩුපාඩු ගැන බේකරි හිමියන්ගේ සංගමය කියයි

Share with your friends :

පාන් ගෙඩියක තිබිය යුතු බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ අඩුපාඩු පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

අද (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ එලෙස බර අනුව අලෙවි කළ යුත්තේ කුමන පාන් වර්ගය දැයි ගැසට් පත්‍රයේ නිශ්චිතව සඳහන් කර නොමැති බවයි

එමෙන්ම මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා දැනුවත් කළ බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් බර අනුව පාන් අලෙවි කරන්නේ නම් ඒ සඳහා සුදුසු මිලක් නියම කළ හැකි බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ

Share with your friends :