LTTE සබඳතා ඇතැයි සැක කරන NTK ප්රබලයන්ගේ නිවෙස් ඉන්දියානු බලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති බව හින්දු පුවත්පත පවසයි
ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් චෙන්නායි, තිරුචි, කොයිම්බතූර්, සිවගංගා සහ ටෙන්කාසි යන ප්රදේශවල නාම් තමිලර් කච්චි (NTK) නිලධාරීන් කිහිප දෙනෙකුගේ නිවාස පරීක්ෂාවට ලක් කර තිබේ.
ඒ LTTE සංවිධානයට සම්බන්ධ පිරිස් හා විදෙස්ගත LTTE සාමාජිකයන් සමග පවත්වන සම්බන්ධතා පරීක්ෂා කිරීම සඳහා හදිසියේම සෝදිසි කිරීම් දියත් කරන ලදී. LTTE ය ඉන්දියාවේද තහනම් සංවිධානයකි.
මෙම සෝදිසි කිරීම් තමිල්නාඩුවේ ඕමලූර් ආයුධ නඩුවේ විමර්ශනයේ පසු විපරමක් බව ද හින්දු පුවත්පත පවසයි.
LTTE සංවිධානයට සහ ප්රභාකරන්ට සම්බන්ධ ලිපි ලේඛන සහ පොත් සමඟ ලැප්ටොප් එක, ජංගම දුරකථන හත, සිම්/මතක කාඩ්පත් අටක් සහ පෙන් ඩ්රයිව් හතරක් තමන් භාරයට ගත් බව ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය පවසයි.