ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන අනෙකුත් පක්ෂ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් මෙම හමුව සඳහා සහභාගි වී ඇත.
එහිදී ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් විමසා තිබේ.
එහිදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තමන්ට ජනාධිපතිවරයා සමග තනිව සාකච්ඡාවක් අවශ්‍ය බවය.
එසේම පොදු ජන පෙරමුණේ සහාය ජනාධිපතිවරණයට ලබා ගැනීමට නම් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට දන්වා තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරන ලෙස ජනාධිපතිට එම පිරිස පවසා තිබේ.