මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඇමරිකා එක්සත් ජනපද කොන්ග්රස් මණ්ඩලයේ අධිකරණ කමිටුව ඉදිරියේ පසුගියදා පෙනී සිටිමින් සමාජ මාධ්‍ය තුළින් ලිංගික සහ නොයෙකුත් පීඩාවලට ලක්ව මියගිය සියලුම ළමයින්ගේ දෙමාපියන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.
මෙටා,ටික්ටොක්, ස්නැප් චැට් , ඩිස්කෝඩ් සහ පෙර ට්විටර් ලෙස හැඳින්වුණු වත්මන් එක්ස් ඇතුළු ප්‍රධාන සාමාජ මාධ්‍ය ආයතන 5ක විධායක නිලධාරීන් පසුගිය 31 වැනිදා ඇමරිකා එක්සත් ජනපද කොන්ග්රස් මණ්ඩලයේ අධිකරණ කමිටුව වෙත කැඳවා තිබිණි.
එම කමිටුවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ මාර්ගගත ක්‍රමවේදයන්හි පවතින අනාරක්ෂිත භාවය හේතුවෙන් ළමයින්ට මුහුණ දීමට සිදුවන අහිතකර බලපෑම් නැවැත්වීමට අදාළ ආයතන අපොහොසත් වීම පිළිබඳවයි.
ඒ අනුව සිය සමාජ වේදිකා තුළින් විවිධ පාර්ශ්වයන්ට සිදු වන හානිය නැති කිරීමට ස්වේච්ඡාවෙන් නොහැකිවීම නිසා ඇමරිකානු රජය ගෙන එන නීතිවලට එකඟවන බව අන්තර්ජාල සේවා සපයන ආයතනවල ප්‍රධානීන් මෙහිදී ප්‍රකාශ කළහ.
එම කමිටුවේදී සමාජ මාධ්‍ය හේතුවෙන් ජීවිතය අහිමිවූ ළමයින්ගේ මාපියෝ එම ළමයින්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කළහ.