27 C
Colombo
24/11/2024

TIME සඟරාවේ KID of the YEAR දිනූ ගීතාංජලී ලොවටම දෙන ආදර්ශය

Share with your friends :


ලෝක ප්‍රකට ටයිම් සඟරාව මගින් වසරේ යෞවනයා ලෙස (KID of the YEAR) ඇමරිකා එක්සත් ජනපදයේ 15 හැවිරිදි දැරියක වන ගීතාංජලී රාඕ තෝරා ගෙන තිබේ. ටයිම් සඟරාව එම සම්මානය පිරිනැමූ මුල්ම අවස්ථාව මෙයයි.
තරුණ විද්‍යාඥවරියක වන ගීතාංජලී පානීය ජලයේ ඇති ඊයම් හඳුනාගැනීම සඳහා උපකරණයක් නිපදවා තිබේ. එසේම ඉලෙක්ට්‍රොනික් උපාංග හරහා සිදුවන හිරිහැර කිරීම් (CYBERBULLYING) හඳුනා ගැනීම සඳහා ඇප් (APP) එකක් ඇය විසින් නිපදවා තිබේ.
මේ සඳහා ඉදිරිපත්වූ පන්දහසක් යෞවන යෞවනියන් අතරින් ඇයව තෝරාගෙන තිබේ. ගීතාංජලී ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ වාසය කරන්නීය.
ටයිම් සඟරාව වෙනුවෙන් සුප්‍රකට නිලි ඇන්ජලිනා ජොලී සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ගීතාංජලී පැවසුවේ ” මේ දේ කරන්න මට පුළුවන්නම් , ඔබටත් එය කරන්න පුළුවන්, ඕනෑම කෙනෙකුට මෙය කරන්න පුළුවන් ” යනුවෙනි.
” මා ඔබ දකින සාමාන්‍ය විද්‍යාඥයකු වගේ නොවෙයි, අප රූපවාහිනියෙන් විද්‍යාඥයින් ලෙස දකින්නේ වැඩිමහල් සුදු ජාතිකයන්, මගේ සිහිනයේ ලොව පුරා ගැටළු විසඳීමට මා විසින්ම විවිධ උපකරණ නිපදවීම නොවෙයි, මගේ අරමුණ අනෙක් අයත් මේ වගේ නිපදවීම් කරන්න පෙළඹවීම, හේතුව මගේ අත්දැකීම් තුලින් මා දන්නවා ඔබ වැනි කෙනෙක් දකින්නේ ඔබම පමණයි,වෙන කෙනෙක් දකින්නේ නැහැ ” ගීතාංජලී පවසන්නීය.
“අපගේ තරුණ පරම්පරාව ලොව මෙතෙක් කිසිදා අත්නොවිඳි ගැටළු මේ වන විට ඇත විඳිනවා , ඒ සමග කාලයක් තිස්සේ ලොව පැවති ප්‍රශ්නත් ඒ සමග තිබෙනවා, අප මේ වන විට ලෝකයේ නව වසංගත තත්වයක අතරමැද සිටිනවා , ඒ අතරේ අපි මානව හිමිකම් ප්‍රශ්න වලටත් මුහුණ දෙමින් සිටිනවා,ඒ සමගම අප විසින් නිර්මාණය නොකළ නමුත් අපට විසඳුම් සෙවිය යුතු ප්‍රශ්න බොහොමයක් තිබෙනවා,දේශගුණික වීපර්යාස හා තාක්ෂණයේ දියුණුවත් සමග ඇතිවූ ඉලෙක්ට්‍රොනික් උපාංග හරහා සිදුවන හිරිහැර කිරීම් (CYBERBULLYING) ඒ අතරින් සමහරක් ” ගීතාංජලී පවසන්නීය.
ගීතාංජලී රාඕ මීට පෙර ඇමරිකාවේ හොඳම යොවුන් විද්‍යාඥවරිය (America’s top young scientist) සම්මානයද දිනා ගෙන තිබේ.
2005 වසරේ උපත ලැබූ ගීතාංජලී මීට අමතරව විවිධ තග හා සම්මාන රැසක් තම සොයාගැනීම් හා නිපදවීම් වෙනුවෙන් දිනාගෙන තිබේ. ඇය ලොව පුරා තරුණ යෞවන යෞවනියන්ට දෙන ආදර්ශය මෙන්ම ඇගේ පනිවිදයද අතිශය වැදගත්ය. ඒ ” අපි හැමෝටම පුළුවන් ” යන්නය.

Share with your friends :