ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් අද (01) සිට පාසල් වෑන් ගාස්තු ඉහල දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්රවාහන සේවා සංගමය කියයි.
සීයයට දහයකින් හෝ සීයයට පහළොවකින් මෙම ගාස්තු වැඩි කිරිීමට එම සංගමය තීරණය කර තිබේ.
පාසල් ළමුන් ප්රවාහනය කරන වෑන් රථ නිවාඩු කාල වලදීත් ගාස්තු අය කිරීම හා අසාධාරණ ගාස්තු ඉහල නැංවීම ආදී විවිධ හේතු නිසා දෙමාපියන් දැඩි අසීරුවට පත්ව සිටිති. මෙම ගාස්තු නියාමනය සඳහා කිසිදු ක්රමවේදයක් නොමැතිවීම නිසා ගැටළු රැසක් ඇතිවී තිබේ.