27 C
Colombo
24/11/2024

අවම බස් ගාස්තුව රුපියල් 35 ක් කරන්න උත්සහයක්

Share with your friends :

ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බව ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය.

බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති සහ එකඟතාවයන් අනුව මේ අවස්ථාවේදී ද බස් ගාස්තු ඉහළ දැමිය නොහැකි බවත් බස් ගාස්තු ඉහළ දැමීමට කිසිවෙක් මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බවත් වෙල්ගම මහතා කීය.

බස් සංගම්වල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ රුපියල් 22 ක බලපෑමක් ඇතිව තිබෙන බවත් සියයට 10 කින් ගාස්තු ඉහළ දැමුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වන බවත් ඒ මහතා කීය.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

Share with your friends :