27 C
Colombo
24/11/2024

“ඇඳ සිටියේ කාන්තා යට ඇඳුම්” – අබිරහස් සිරුර ගැන තවත් කරුණු එළියට!

Share with your friends :

හික්කඩුව, වෑවල ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුල තිබී හමු වූ අබිරහස් මළ සිරුර පිළිබඳව මේ වන විට තවත් කරුණු අනාවරණය වී තිබෙනවා.

මියගිය පුද්ගලයා හැඳ පැළඳ සිට ඇත්තේ ඇත්තේ කාන්තා යට ඇඳුම් පමණක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

තව ද මෙය සියදිවි නසාගැනීමෙන් සිදු වූ මරණයක්දැයි සැක පහළ වී තිබෙනවා.

මෙම පුද්ගලයා පෙරේදා (30) දින මෙම හෝටලයට පැමිණ ඇති බව සඳහන්.

එහි දී ඔහු හෝටල් සේවකයන් වෙත පවසා ඇත්තේ තමන් හට දිනක කාලයකට පමණක් නවාතැන් පහසුකම් අවශ්‍ය බව යි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගෙන් ඊයේ (31) දින සිට කිසිදු ප්‍රතිචාරයක් නොවූ බව අදාළ හෝටලයේ සේවකයන් පවසනවා.

හෝටලයෙන් කළ දැනුම් දීමකින් පසු පැමිණි පොලිස් නිලධාරීන් ඔහු නවාතැන් ගෙන සිටි කාමරයට පිවිස පරීක්ෂා කිරීමේ දී එම තරුණයා මියගොස් සිටින බව නිරීක්ෂණය වී තිබෙනවා.

මොහු නාන කාමරය තුළ මියගොස් සිට ඇති අතර ගලා ගිය රුධිරය ද විශාල වශයෙන් නිරීක්ෂණය වී ඇති බව වාර්තා වූවා.

පොලීසිය සඳහන් කළේ ඔහු කාන්තා යට ඇඳුම්වලින් සැරසී සිටි බව යි.

මළ සිරුර අසල පිහියක් තිබී ඇති අතර ඒ අනුව මෙය සියදිවි නසා ගැනීමක් දැයි පොලීසිය සැක කළත්, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක තරුණයෙකු බව අනාවරණය වී තිබෙනවා.

ඔහු කැළණිය, වරාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව ද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Share with your friends :