වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම ගාස්තු වැඩි වීම අද (01) සිට ක්‍රියාත්මක බව යි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම ගාස්තු වැඩි වීමත් සමග මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000ක් දක්වා සංශෝධනය කර තිබෙනවා.