හෝටල් කාමරයක් තුළ අබිරහස් මළසිරුරක් හමුව ඇති බව වාර්තා වනවා.
මෙම හෝටලය ගාලු පාර, වෑවල ප්රදේශයේ පිහිටා තිබෙන්නක්.
තරුණයෙකු මෙම හෝටලයට පැමිණ එහි නවාතැන් ගෙන ඇති අතර ඊයේ (31) දින සිට ඔහු තමා සිටි කාමරයෙන් පිටතට පැමිණ නැහැ.
ඒ සම්බන්ධව සැලකිල්ලට ගෙන විමසා බැලුවත් මෙම පුද්ගලයාගෙන් කිසිදු ප්රතිචාරයක් නොවූ බව අදාළ හෝටලයේ සේවකයන් පවසනවා.
පසුව ඔවුන් ක්රියා කර ඇත්තේ මේ පිළිබඳ පොලීසියට දැනුම් දීමටයි.
පොලීසිය පැමිණ අදාළ කාමරයේ ජනේලයක් විවෘත කර පරීක්ෂා කිරීමේ දී එම තරුණයා මියගොස් සිටින බව නිරීක්ෂණය වී තිබෙනවා.
ඔහු ලේ විලක් මත වැටී සිටි බව යි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක තරුණයෙකු බව අනාවරණය වී තිබෙනවා.
ඔහු කැළණිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව ද සඳහන්.
හෝටල් කාමරයක් තුළින් අබිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
සබැඳි පුවත:
"ඇඳ සිටියේ කාන්තා යට ඇඳුම්" - අබිරහස් සිරුර ගැන තවත් කරුණු එළියට!