eBay සමාගම සිය වෙබ් අඩවිය ඔස්සේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි උපකරණ අලෙවි කිරීම හේතුවෙන් ඩොලර් මිලියන 59ක් එනම් රුපියල් මිලියන 18000 ක පමණ දඩ මුදලක් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නියම කර තිබේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් පසුව වරදකරුවන් වූ පුද්ගලයන් දහස් ගණනක් වෙත ඒ සඳහා යොදාගත් උපකරණ eBay හරහා අලෙවි කර ඇති බවට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කර තිබුණි.
මත්ද්‍රව්‍ය අධි මාත්‍රා භාවිතයෙන් 2022 වසරේ ඇමරිකානුවන් 110,000 කට අධික පිරිසක් මිය ගොස් තිබේ.