තවත් වසරක කාලයක් සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට එහි වත්මන් සභාපති ඉන්දියාවේ ජේ ෂා අද (31) තේරී පත්කර ගැනුණි.
ඒ සඳහා ජේ ෂාගේ නම ආසියානු ක්‍රිකට් කවුන්සිල මහ සභා රැස්වීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසිනි.
ඔහුගේ එම යෝජනාවට ආසියානු ක්‍රිකට් සාමාජික රටවල් කිසිවක් විරෝධය දක්වා නොමැත.
ජේ ෂාගේ ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ධුර කාලය දීර්ඝ කෙරුණු තෙවැනි අවස්ථාව මෙය වෙයි.
ජේ .ෂා යනු ඉන්දියානු ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා ගේ පුත්‍රයාය. අමිත් ෂා යනු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ න්‍යායාචාර්යවරයා වේ.
ශ්‍රීලංකාවේ ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ප්‍රධාන පාර්ශවයක් වුයේ ජේ. ෂා ඇතුළු කණ්ඩායමකි.