රිය අනතුරකට ලක්ව පසුගිය දා අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සමක් අනිද්දා (02) දින යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.
මෙම පෙත්සම් ගොණු කොට ඇත්තේ අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද (31) දින කැඳවීය.
වග උත්තරකාර සනත් නිශාන්ත නමැත්තා මේ වන විට මියගොස් සිටින බැවින් අධිකරණයට අපහාස කිරීමේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා ලබන 02 වනදා කැඳවන ලෙස යි අධිකරණය නියෝග කළේ.
මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින්.
අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහේස්ත්‍රාත්වරු අනුගමනය කරනු ලබන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ ප්‍රකාශයකින් සනත් නිශාන්ත හිටපු අමාත්‍යවරයා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
ඔහු එම ප්‍රකාශය සිදු කොට තිබුණේ 2022 වසරේ අගෝස්තු මස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
සබැඳි පුවත් > > >