මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින්නන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම් දීමක් සිදු කර තිබේ.
මෙම දැනුම් දීම අදාළ වන්නේ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින අපේක්ෂකයන් හට යි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ සඳහා ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව යි.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ විභාග අපේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මේ වන විටත් නිකුත් කර ඇති අතර එය නොලැබුනේ නම් පමණක් ඉහත වෙබ් අඩවියට පිවිස ප්‍රවේශ පත්‍රය ගැනීමට කටයුතු කරන ලෙසට යි.
මෙවර උසස් පෙළ විභාගයට අයත් කෘෂි විද්‍යා ප්‍රශ්ණ පත්‍රය අවලංගු කෙරුණේ එම ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙනි.
අවලංගු වූ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි මධ්‍යස්ථානයේම නව ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටින විභාග අපේක්ෂකයින් හට නව ප්‍රවේශ පත්‍රය අවශ්‍ය නොවන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි.
උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙක හෙට (01) දින පැවැත්වේ.
එහි දෙවන කොටස පෙරවරු 8.30 සිට 11.40 දක්වාත්, පළමු කොටස එදින පස්වරු 1.00 සිට 3.00 දක්වාත් පැවැත්වීමට නියමිත බව සඳහන්.