27 C
Colombo
24/11/2024

විදුලි බල මණ්ඩලය කෝටි 20,000 හංගලා-ගාස්තු 25% කින් අඩු කරන්න පුළුවන්ලු

Share with your friends :

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම් ඉවත් කළ පසු සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු පහළ දැමීමේ හැකියාව ඇති බවත් ලංවීම ගාස්තු යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිකුත් කළ උපදේශන පත්‍රිකාවෙන් අනාවරණය කර තිබේ.

විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ ලැබූ රුපියල් කෝටි 4,800 ක පමණ ලාභය මෙම මිල සංශෝධන යෝජනාවලියෙන් සම්පූර්ණයෙන්ම අතහැර ඇති බව කියන එම පත්‍රිකාව සම්ප්‍රේෂණ වියදම් ලෙස රුපියල් කෝටි 9,500 ක සහ අතිරේක වියදම් කෝටි 20,000 ක් සහ හදිසි මිලදීගැනීම්වලට ද විශාල වියදමක් එකතු කර ඇති බව ද සඳහන් කළේය.

ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ වියදම් පිළිබඳව ගැටලුවක් ඇති බවත් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති වියදම් තව දුරටත් සමාලෝචනය කළ යුතු බවත් එම පත්‍රිකාවේ සඳහන් වේ.

විදුලිබල මණ්ඩලය සියයට 3.34 ක විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය 13 වැනිදා පස්වරුවේ භාරදුන් අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට මහජන අදහස් ගනිමින් සිටින බවත් ගාස්තු සංශෝධනය ලබන මස මැද වන විට ක්‍රියාත්මක කළ හැකි බවත් එම පත්‍රිකාව වැඩි දුරටත් කීයයි.
මේ අතර පසුගිය වසරේ විදුලිය වැඩි කිරීම් වලදී ඒ සම්බන්ධයෙන් අවසර ලබාදුන් ආකාරය සම්බන්ධයෙන්ද මහජන උපයෝගිතා කොමිසන් සභාවට චෝදනා එල්ලවී තිබේ.
අදාල සිදුවීම් හා විදුලි බල මණ්ඩලය කටයුතු කර ති ආකාරයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ජනතා සංවිධාන කීපයක්ම සාකච්ඡා පවත්වා තිබේ.

Share with your friends :