27 C
Colombo
24/11/2024

පාර්ලිමේන්තුව වාර අවසන් කළ හේතු ගැන මරික්කාර්ගෙන් අනාවරණයක්

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ලෙස සිදුකරන අවසාන රාජාසන කතාව සිදු කිරීමට සහ ඉවත් කිරීමට නොහැකි කෝප් සභාපතිවරයාව ඉවත් කිරීම යන කරුණු දෙක මුල් කරගනිමින් පාර්ලිමේන්තුව වාර අවසාන කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
කොළම පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා,“මේ වන විට පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තියෙනවා. පුදුම ආණ්ඩුවක් මේක.
වර්තමාන ජනාධිපතිවරයා ආවට පස්සේ කී වතාවක් පාර්ලිමේන්තුව වාරාවසාන කළාද කියලා දන්නේ නෑ. මේ පාර්ලිමේන්තුව හතර වතාවක් විතර වාරාවසාන කරලා තියෙනවා.
මේ වතාවේ වාරාවසාන කරලා තියෙන්නේ හේතු දෙකක් උඩ. වර්තමාන කෝප් කමිටුවේ සභාපතිවරයාට විවිධ චෝදනා එල්ල වෙද්දි, විවිධ පාර්ශ්වයන්ගෙන් ඇඟිල්ල දිගු වෙද්දි, ඔහු මේ තනතුරට සුදුසු නෑ කියලා තොරතුරු වාර්තා වෙද්දි, පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව විවාද කරද්දි, මාධ්‍ය විසින් කරුණු වාර්තා කළා.
ආණ්ඩුවට කොන්දක් නෑ මහජනතාවගෙන් මේ විදිහෙ විරෝධතා එල්ල වෙද්දි මොහුව ඉවත් කරන්න. එහෙම ඉවත් කරන්න කොන්දක් නැති නිසා පාර්ලිමේන්තුව වාර අවසාන කළා. කෝප් කමිටුවේ සභාපතිවරයාව ඉවත් කරන්න බැරි නිසා තමයි මේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට පළමු හේතුව.
දෙවැනි හේතුව තමයි වර්තමාන ජනාධිපතිවරයා අවුරුදු එකහමාරකට වැඩිය පිනට ලැබුණු ධුරය උපරිම ලෙස භුක්ති විඳිමින් ඉන්නවා.
එලෙස මිතුරන් සමග ජනාධිපති ධුරයේ රස උපරිමයෙන් භුක්ති විඳිද්දි මේ රටේ ජනතාව බදු බරින්, බඩුවලින්, බිල්වලින් මිරිකලා මේ රටේ ජනතාවගේ රීරි මාංශ උරා බොන තත්ත්වයට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා.
අද ජනතාව කන්න නැතිව, ඒ වගේම දරුවන්ගේ පාසල් වැඩ කරගන්න බැරිව අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් නැතිව ඉන්න තැනක් බවට පත්වෙලා තියෙනවා.
වැට් එක ගහලා මිනිසුන්ව බිමටම ප්ලැට් කරලා දාලා තියෙනවා. ඒ තත්ත්වයට රට පත් කරපු නිසා වර්තමාන ජනාධිපති දන්නවා ඔහුට නැවත වතාවක් ජනාධිපති වෙන්න බෑ කියලා. ඒ නිසා ඊළඟ වතාවෙත් ජනාධිපතිවරයාට දින්න බැරි බව දන්න නිසාත්, ඔහුට ජනාධිපති ධුරයේ රස උපරිම ලෙස විඳින්න ඕනි නිසාත් අවසාන රාජාසන කතාව කරන්න තමයි මේ පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තියෙන්නේ. ”

Share with your friends :