ශ්‍රීලනිප සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රභාත් මාතරගේ පත් කර තිබේ.
මේවන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්යක්ෂවරයාද වන්නේ ප්‍රභාත් මාතරගේ මහතායි. ඔහු ප්රවෘත්ති කර්තෘවරයෙකු ලෙසත් ජංගම දුරකතන කෙටි පණිවුඩ පුවත් සේවා මෙහෙයවීම, ඩිජිටල් මාධ්‍ය මෙහෙයුම් සහ වෙබ් සංස්කාරකවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙන අතර ජනාධිපති කාර්යාලය ඇතුළු පෞද්ගලික ඩිජිටල් මාධ්‍ය ආයතන රැසකද තනතුරු හොබවා ඇති අතර අත්දැකීම් බහුල, පළපුරුදු සහ පරිණත මාධ්‍ය පරිපාලකයෙකි.
ප්‍රභාත් මාතරගේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපන හදරා ඇති අතර පරිගණක විද්‍යාව සහ විද්‍යුත් මාධ්‍ය කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් ද වේ.
ඔහු හෝමාගම මහා විද්‍යාලය, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි