අධිවේගී මාර්ග වල සිදුවන අනතුරු බොහොමයකට සෙමින් ගමන් කරන ලොරි හා කන්ටේනර් හේතුවන බව පෙනී ගොස් තිබේ.
මෙම ලොරි හා කන්ටේනර් බහුතරයක් පිටුපස විදුලි පහන් හෝ සිග්නල් ලයිට් නොමැති බවද හෙළිවී තිබේ.
මේ හේතුවෙන් මංතීරු දෙකක් ඇති ශ්රීලංකාවේ අධිවේගී මාර්ග වල ගමන් ගන්නා වාහන තවත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී මෙසේ සෙමින් ගමන් ගන්නා විශාල වාහන වල වැදීම නිසා අනතුරු රැසක්ම සිදුව තිබේ. මේ නිසා එවැනි වාහන අධිවේගී මාර්ග වලට ඇතුලත් කරන්නට ඉඩ නොදෙන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.
එසේම අධිවේගී මාර්ග වල අවම වේගයක් හඳුන්වා දෙන ලෙසද ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.
ලොව බොහෝ රටවල අධිවේගී මාර්ග වල මංතීරු ගණනාවක් ඇති අතර ඒ වයේ විශාල වාහන ගමන් කිරීම සඳහා බොහෝ ඉඩකඩ සහිතය.
previous post
next post